හාලන්ඩ්ගේ නෝර්වේ කණ්ඩායම ප්‍රබල බ්‍රසීලය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට ඇද දමයි

අර්ලිං හාලන්ඩ්ගේ සුපිරි ගෝල ද්විතවයත් සමඟ පස් වතාවක් ලෝක ශුරයින් වූ ප්‍රබල බ්‍රසීලය කණ්ඩායම මෙවර FIFA ලෝක කුසලානයෙන් ඉවතට ඇද දමන්නට නෝර්වේ කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

නිව්යෝර්ක් නිව් ජර්සි ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගය ප්‍රබල බ්‍රසීලය පරදා නෝර්වේ කණ්ඩායම ජයගත්තේ ගෝල දෙකට එකක් ලෙසයි.

මෙම සුපිරි ජයත් සමඟ නෝර්වේ කණ්ඩායමට මෙවර පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට හැකියාව ලැබුණා.

නෝර්වේ පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි පළමු අවස්ථාව මෙය ලෙසයි ඉතිහාසයට එක් වුණේ.

මෙම තරගයේ පළමු අර්ධයේ 14 මිනිත්තුවේ දී බ්‍රසීලයට හිමි වූ බෲනෝ ගුයිමාරස්ගේ දඬුවම් පහර අසාර්ථක වූ අතර, තරගයේ දවන අර්ධයේ 79 වන මිනිත්තුවේ දී පළමු ගෝලය අර්ලිං හාලන්ඩ් නොර්වේ කණ්ඩායම වෙනුවෙන් රැස් කළා.

අනතුරුව තරගයේ 90 වන මිනිත්තුව් දී ද නොර්වේ කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක ගෝලය රැස් කිරීමට ඔහු හැකියාව හිමි වූ අතර, එහිදී ගෝල දෙකට බින්දුවක් ලෙස නොර්වේ කණ්ඩායම තරගයේ ආධිපත්‍ය පතුරවා තිබුණා.

කෙසේ වෙතත් නොර්වේ ක්‍රීඩක ලියෝ ඔස්ටිගාඩ් විසින් බ්‍රසීල ක්‍රීඩක කැසමිරෝට සිදුකළ වරදක් හේතුවෙන් විනිසුරු ඉස්මයිල් එල්ෆාත් විසින් බ්‍රසීල කණ්ඩායම දෙවන දඬුවම් පහර 91 වන මිනිතුවේ දී ලබාදීමට කටයුතු කළා.

එම දඬුවම් පහර සාර්ථක කරගත් බ්‍රසීල සුපිරි ක්‍රීඩක නේමාර් තරගයේ ගෝල සංඛ්‍යාව දෙකට එකේ මට්ටමක ගෙන ආවා.
කෙසේ වෙතත් ලබා දී තිබූ කාලය අවසන් වන අවස්ථාවේ ගෝල දෙකට එකක් ලෙස පෙරමුණ ගෙන සිටි නොර්වේ කණ්ඩායමට බ්‍රසීල කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තුව බිඳ දමන්නට හැකියාව ලැබුණා.

ඒ, අනුව අර්ධ අවසන් පූර්ව වටයේ දී නොර්වේ කණ්ඩායම සම-සත්කාරක මොක්සිකෝ කණ්ඩායම හෝ එංගලන්ත කණ්ඩායම සමඟ තරග වදිනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39