දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අද (02) කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා භාරදීම සිදුකෙරුනා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුණා.
අධි චෝදනා භාරදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප 02ක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබාදීම රජයේ වියදමින් ගෙන්වන ලද බඩ ඉරිඟු බීජ කිලෝ ග්‍රෑම් 36,000ක් ජනාධිපතිවරණයේ දී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදාදීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට අල්ලස් කොමිසම ඔහුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
මෙම නඩුව ජුලි මස 22 වනදා කැඳවීමට නියමිතයි.













