පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 05 තුළ ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම සියයට 21 කින් ඉහළ ගොස් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.
ප්‍රධාන නැව් මාර්ගවලට බාධා ඇති කර ඇති මැදපෙරදිග ගැටුම්වලට ප්‍රතිචාර වශයෙන් විකල්ප අපනයන ක්‍රම අනුගමනය කිරීම හේතුවෙන් මෙම වැඩිවීම සිදු වූ බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.
සමුද්‍රීය ප්‍රවාහන අභියෝග මධ්‍යයේ වුවද අපනයන පරිමාව පවත්වා ගැනීමට උපකාරී වන පරිදි පොල් සහ තැඹිලි අපනයනය සඳහා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය භාවිත කිරීමට අපනයනකරුවන් දිරිමත් කිරීම සිදුකරන බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













