වට්ස්ඇප් ප්‍රධානියා ලෙස ඉන්දියානුවෙක් පත්වෙයි

ලොව විශාලතම පණිවිඩ හුවමාරු යෙදුම වන වට්ස්ඇප් (WhatsApp) හි නව ගෝලීය ප්‍රධානියා ලෙස ඉන්දීය මූල්‍ය තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන, ‘ක්‍රෙඩ්’ සමාගමේ නිර්මාතෘ කුනල් ෂා පත් කිරීමට එහි මව් සමාගම වන මෙටා ආයතනය තීරණය කර තිබෙනවා.

වසර හතකට අධික කාලයක් පුරා වට්ස්ඇප් සේවාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විල් කැත්කාර්ට් එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මෙම දැවැන්ත නායකත්ව පරිවර්තනය සිදුව තිබෙනවා.

මෙම සුවිශේෂී පත්වීම සිදු වී ඇත්තේ මෙටා ආයතනය විසින් කුනල් ෂාගේ ‘CRED’ සමාගම තුළ ඇමරිකානු ඩොලර් මිලියන 900ක (ඉන්දීය රුපියල් බිලියන 8.5කට අධික) දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමත් සමඟයි.

මෙම ආයෝජනය හරහා මෙටා ආයතනය CRED සමාගමේ සියයට 20ක සුළුතර කොටස් හිමිකාරීත්වයක් ලබා ගන්නා අතර, කුනල් ෂා CRED සමාගමේ එදිනෙදා මෙහෙයුම් කටයුතුවලින් සහ ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වී පූර්ණ කාලීනව මෙටා ආයතනය සමඟ එකතු වනු ඇත. CRED සමාගමේ තාවකාලික ප්‍රධාන විධායක ධුරය සඳහා මිතෙන් සම්පත් පත් කර තිබෙනවා.

වට්ස්ඇප් සේවාව මේ වන විට ලොව පුරා බිලියන 3කට අධික පරිශීලකයන් පිරිසක් භාවිත කළද, ඉන් උපරිම මූල්‍යමය ලාභ උපයා ගැනීමට මෙටා ආයතනය තවමත් අපොහොසත් වී තිබෙනවා.

කුනල් ෂා මීට පෙර FreeCharge සහ CRED වැනි සාර්ථක මූල්‍ය තාක්ෂණික සමාගම් ගොඩනැඟූ දක්ෂ ව්‍යවසායකයෙකු බැවින්, ඔහුගේ එම අත්දැකීම් භාවිත කරමින් වට්ස්ඇප් සේවාව හරහා සිදු කෙරෙන ව්‍යාපාරික සහ ගෙවීම් මෙහෙයුම් ගෝලීය වශයෙන් පුළුල් කිරීම මෙටා හි ප්‍රධාන අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32