චීන – තායිවාන අර්බුධය ගැන ඉන්දීය ස්ථාවරයේ වෙනසක් නැහැ

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී (Wang Yi) සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් අතර හමුවක් ඊයේ (22) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වුණා.

වර්තමානයේ චීනය, ඉන්දියාව මෙන්ම සමස්ත ගෝලීය දකුණේ රටවල් පොදු සංවර්ධනයක් සාක්ෂාත් කර ගනිමින් සිටින අතර බ්‍රික්ස් සංවිධානයේ වාරික සභාපතිත්වය හිමි රට ලෙස ඉන්දියාවට සිය කටයුතු ඉටු කිරීමට සහාය ලබා දෙන බවත් චීන විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම බ්‍රික්ස් යාන්ත්‍රණයේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව සමග එක්ව ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පවසා සිටියා.

චීන-ඉන්දියා ඒකාබද්ධ දායකත්වයෙන් විවිධ අංශවල සන්නිවේදනය ක්‍රමිකව යථා තත්ත්වයට පත් වෙමින් ඇති අතර හුවමාරු සහ සහයෝගීතාවල වර්ධනයක් දැකිය හැකි බවත් වැන්ග් යී මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම දෙරට අතර දේශසීමා කලාපය සාමකාමී බවත් එය අතිශය දුෂ්කරව අත්කර ගත් ජයග්‍රහණයක් බවත් චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මෙහිදී සඳහන් කළේ ඉන්දියාව චීන මහජන සමූහාණ්ඩුව පිළිගත් ලොව පළමු රටවලින් එකක් ලෙස චීන තායිවාන ප්‍රදේශය සම්බන්ධ ප්‍රශ්නයේදී සිය ස්ථාවරයෙහි අඛණ්ඩව එළඹ සිටින බවයි.

එමෙන්ම ඉන්දියාව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ප්‍රධාන කරුණුවලදී චීනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත්, බහුපාර්ශ්විකවාදය ඒකාබද්ධව ආරක්ෂා කිරීමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවල නීත්‍යනුකූල අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කිරීමටත් අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52