බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක පසුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, මේකර්ෆීල්ඩ් අතුරු මැතිවරණයෙන් ඇන්ඩි බර්න්හැම් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසු, කීර් ස්ටාර්මර්ගේ නායකත්ව අභියෝගයකට මග පෑදීමෙන් පසුවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව හෙට (22) දිනයේ පැහැදිලි ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර අවුල් සහගත නායකත්ව තරඟයක අවශ්‍යතාවයකින් තොරව, හිටපු මැන්චෙස්ටර් නගරාධිපතිවරයාට බලය පැවරීමේ සැලසුම් ප්‍රකාශ කරන ලෙස කම්කරු මන්ත්‍රීවරුන් කීර් ස්ටාර්මර්ගෙන් ඉල්ලා සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය මාසයේ, මැතිවරණවලදී කම්කරු පක්ෂයේ දුර්වල ක්‍රියාකාරිත්වයෙන් පසුව, ස්වදේශ ලේකම් ෂබානා මහමුද් සහ බලශක්ති ලේකම් එඩ් මිලිබෑන්ඩ් ඇතුළු ඇතැම් අමාත්‍යවරු, කීර්ගෙන් ඉල්ලා සිටියේ ඔහුගේ ඉල්ලා අස්වීම සඳහා කාලසටහනක් සකස් කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted