උදය, විමල් හා දිලිත්ගේ ක්‍රියාකලාපය ගැන CIDය උසාවියට කරුණු කියයි – නොතීසි නිකුත් කරන්න අවශ්‍ය නැති බව අධිකරණය කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන පිරිස විසින් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරනු ලබන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට බාධා වන අයුරින් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා අධිකරණයට අපහාස වන අයුරින් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දැන්වූවා.

එලෙස සිද්ධියට අදාළව අධිකරණයට අපහාස කරමින් විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කරන ලද එම පුද්ගලයන්ට ජූලි 01 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ මෙම අධිකරණය නොතීසි නිකුත් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් එම පුද්ගලයන් අභියාචනාධිකරණයට යොමුකළ හැකි බවයි.

තවද මෙම සිද්ධියට අදාල තුන්වෙනි සැකකරු වන දැනට රැඳවුම් නියෝග මත සිට ජාතික රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නිරීක්ෂණය කරන ලෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ ජාතික රෝහල අයත්වන බල ප්‍රදේශයට අදාළ අධිකරණය වන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරියට ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ලබන 20 වන දිනට පෙර සැකකරුව නිරීක්ෂණයට ලක් කරන ලෙසයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් ගොනු කරමින් මෙලෙස දැන්වුවා.

සිද්ධියට අදාළව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් මෙලෙස කරුණු දැක්වූවා.

” ස්වාමීනි, අද (15) මෙම සිද්ධියට අදාළව පිටු 14කින් යුත් වැඩිදුර වාර්තාවක් අධිකරණයට යොමු කරනවා. එහි නියෝග කිහිපයක් ලබා ගැනීමට තිබෙනවා. මෙම සිද්ධියට අදාළ තුන්වන සැකකරු මේ වනවිට රැඳවුම් නියෝග මත සිටින්නේ. ඔහු 2026/6/5 සිට රාත්‍රී ආහාරය ප්‍රතික්ෂේප කර තිබෙනවා. දැන් ඔහු සිටින්නේ ජාතික රෝහලේ 42 වාට්ටුවේ. විශේෂඥ වෛද්‍යවරු සිව්දෙනෙකු යටතේ ප්‍රතිකාර ලබනවා. “

“ස්වාමීනි, මොහුගේ මෙම ක්‍රියා කලාපය තවදුරටත් තහවුරු කර ගැනීමට දේශපාලන සංවිධානාත්මක කණ්ඩායමක් කටයුතු කරනවා. අධිකරණයේ යුක්තිය ක්‍රියාත්මක වීමට බාධා වන අයුරින් සහ මහජනතාවට අධිකරණය කෙරෙහි අපකීර්තියක් ඇති කරවන අයුරින් සහ මහජන විරෝධයක් ඇතිවෙන ලෙස එම කණ්ඩායම කටයුතු කරනවා.”

“ඔවුන් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන මෙම විමර්ශනයට අදාළව විවිධ ප්‍රකාශ ප්‍රචාරණය කර තිබෙනවා. අද දින ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවේ ඒ සම්බන්ධයෙන් තොරතුරු දක්වා තිබෙනවා පින්තූරත් සමඟ. ඔවුන් විසින් කරන ලද ප්‍රකාශ වලින් කොටසක්ද ඉදිරිපත් කර තිබෙනවා. “

” එලෙස අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අය විසින්. මහින්ද පතිරණ යන අය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයක් සිදුකර ඇති අතර අනෙක් පුද්ගලයන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.”

” ස්වාමීනි 2024 අංක 8 දරණ පනතේ අංක 3(1) අ යටතේ තිබෙන 1,2,3 වගන්ති අනුව මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඉකුත් 07 වන දින සිට මේ දක්වා මෙම පුද්ගලයන් හය දෙනා විසින් විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය කරුණු ප්‍රචාරණය කරනවා.මෙම සිද්ධියට අදාලව පුද්ගලයන් තුන්දෙනෙක් සම්බන්ධයෙන් පෙර නඩු දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සම්බන්ධයෙන්”

” 2026/6/7 වන දින සිට මේ දක්වා මෙම විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රචාරය කරන ලද මෙම ප්‍රකාශවල සංස්කරණය නොකරන ලද දර්ශන මාධ්‍ය ආයතන මඟින් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එම මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් , සංස්කාරකවරුවන්, මාධ්‍යවේදින් ඇතුලු පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ නිලධාරීන් පිරිසක් පත් කර තිබෙන බවද අධිකරණයට දැනුම් දෙනවා”

“1979 අංක 15 දරණ පනතේ 124 වගන්තිය ප්‍රකාරව එම මාධ්‍ය ආයතන වලින් එම වීඩියෝ දර්ශන ලබා ගැනීමට අදාල නියෝග නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.” එම විද්‍යුත් මාධ්‍ය ආයතන ලෙස ජාතික රූපවාහිනිය, ස්වර්ණවාහිනිය, සිරස, ශක්ති, සියත, හිරු, දෙරණ,TNL යන විද්‍යුත් ආයතන වෙත එම නියෝගය ලබා දෙන ලෙසයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ විද්‍යුත් මාධ්‍ය පමණක් නොව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් කෙසේ විමර්ශනය කරන්නේ ද යන්නයි.

එහිදී අපරාධ පරීක්‍ෂණයදෙපාර්තමේන්තුව දන්වා සිටියේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය මගින් විමර්ශන කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ විමර්ශනයට අදාළව තුන්වන සැකකරු සම්බන්ධයෙන් සිදු කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ හරහා විශාල ලෙස මර්ධනයක් සිදුකළ ඇති බවයි. මෙම ප්‍රකාශ දිගින් දිගටම සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මෙම අධිකරණයේ එම පුද්ගලයන්ට පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම පුද්ගලයන්ට නොසිති නිකුත් කිරීමට අවශ්‍යතාවයක් නොවන බවත් අවශ්‍ය නම් අභියාචනාධිකරණයට එම පුද්ගලයන් යොමු කළ හැකි බව එහිදී මහේස්ත්‍රාත්වරයා දැන්වුවා.

විද්‍යුත් මාධ්‍ය ආයතනවල සංස්කරණය නොකරන ලද දර්ශන ලබා ගැනීමට අවශ්‍ය නියෝගද මහේස්ත්‍රාත්වරයා එහිදී නිකුත් කළා.

සිද්ධියට අදාළ නඩුව ජුලි 01 වන දින පස්වරු 1.30ට කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06