පොලිස් ලොක්කන්ගේ ඡායාරූප භාවිතා කර සිදු කරන වංචාවන් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිතා කර වංචනික පුද්ගලයින් විසින් සිදු කරනු ලබන මූල්‍ය වංචාවන් සම්බන්ධව පැමිණිලි වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන සිදුකර අවස්ථා ගණනාවකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීය පවසනවා.

පරිගණක හෝ ජංගම දුරකථන යොදා ගෙන අන්තර්ජාලය මගින් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප දැක්වෙන, ව්‍යාජ ලෙස සකස් කරන ලද WhatsApp ගිණුම්, Telegram ගිණුම් ආදිය භාවිතා කරමින් පුද්ගලයින් රවටා සිදු කරන මූල්‍ය වංචාවන් ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියාවන්වල මේ වන විට වර්ධනයක් සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මෙවැනි වංචනික ක්‍රියාවන් සිදු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් වලට හසු නොවන ලෙසට පොලිසිය නැවත නැවතත් මහජනතාවට දැනුම් දෙන අතර පහත කරුණු සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.

  • ඔබගේ කාර්‌යාලයේ ස්ථාවර දුරකථනයට හෝ ජංගම දුරකථනයට ශ්‍රී ලංකා මහ බැංකුවෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන ඒකකයන් ලෙස හඳුන්වා දෙමින් ඇමතුම් ලබා ගැනීම.
  • ඔබගේ ජාතික හැඳුනුම්පත යොදා වංචාවක් සිදු වී ඇත. “ඔබ නොදන්නා ප්‍රදේශයකින් බැංකු කාඩ්පතක් ලබාගෙන ගෙවීම් පැහැර හැර ඇත”, ” ඔබගේ ගිණුම Money Laundering සඳහා යොදා ගෙන ඇත. නඩු දමනවා” යනුවෙන් පවසා ඇමතුම් ලබා ගැනීම.
  • රහසිගත විමර්ශනයක් සිදු කරන බවට පවසා බියගන්වා අනතුරුව ඔබට උදව් කරන්නම් යනුවෙන් පවසා විවිධ ඉල්ලීම් WhatsApp හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලා වෙත එවන ලෙස දන්වා, ව්‍යාජ නිල ලාංඡන, ලියකියවිලි සහ නිලධාරීන්ගේ ඡායාරූප යොමු කිරීම.
  • වංචනිකයින් විසින් පැමිණිල්ල සමථයකට පත් කිරීමට, “Verification සඳහා, Freeze වූ ගිණුම නිදහස් කිරීමට යනුවෙන් පවසා ඔබගේ බැංකු ගිණුම්වලට ලොග් වීමට OTP අංක ලබාගෙන, වෙනත් ගිණුම් වලට මුදල් මාරු කිරීමට හෝ USDT වැනි Cryptocurrency මිලදී ගෙන එවන ලෙස බලපෑම් කර මුදල් සහ තොරතුරු ලබා ගැනීම වැනි විවිධ ක්‍රමවේද උපයෝගී කර ගනී.
    ඒ අනුව ඔබගේ පුද්ගලික හා මූල්‍ය තොරතුරු වල ආරක්ෂාව සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කල යුතු වේ.

පොලිසිය විසින් නිකුත් කර සම්පූර්ණ නිවේදනය පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31