ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

ප්‍රංශ ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා සහ යුනෙස්කෝවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී පසුගියදා (10) රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව ප්‍රංශ ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපති සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පී. ආර්. එස්. එස්. ගුණරත්නගේ නාමයෝජනාවට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කාරක
සභාවේ සාමාජික අමාත්‍යවරුන් වන ආචාර්ය අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, රාමලිංගම් චන්ද්‍රසේකර්, ආචාර්ය උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිසාඩ් බදියුදීන්, කුමාර ජයකොඩි, කදිරවේලු ෂන්මුගම්කු ගදාසන්,ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුව වැනි සිදුවීමක් වෙනකල්ද මෙයාලා බලාගෙන ඉන්නේ ? තොරතුරු එළිකරාම කට්ටිය උත්තර නෑ
06:45
Video thumbnail
ස#රාන් පැටව් නිර්මාණය කරන්න හදන වැඩමුළු තියෙනවා - ගලබොඩ අත්තේ හිමිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
06:06
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි සංවේදී වී පාස්කුව ගැන හෙළිකරයි - අපි කියපුවා ඇහුවානම් පාස්කු ප්‍ර#හාරය වෙන්නෙ නෑ
08:43
Video thumbnail
අනුර කුමාර ආවා - කුස්සියේ ලුණු ටිකත් නැතිවුණා
04:38
Video thumbnail
අකුණු සැර වැදුණු ශ්‍රී ලංකන් ගුවන් යානය ගොඩබිමට පියාසර කරන අයුරු
00:29
Video thumbnail
අකුණු සැර වැදුණු ශ්‍රී ලංකන් ගුවන් යානය ගොඩබිමට පියාසර කරන අයුරු - යානයේ සිටි අයෙක් පටිගත කළ දර්ශන
00:52
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අපි ජනතා ක්‍රියාමාර්ග ගන්නවා
02:00
Video thumbnail
වසර 24කට පෙර කළ ඝා#නයකට ලැබුණු ම#ණ දඬුවම
00:53
Video thumbnail
වසර 24කට පෙර කළ ඝා#නයකට ලැබුණු ම#ණ දඬුවම
01:15
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.12
07:34:30