කලක සිට තම අවුරුදු 17ක දියණිය හපා කා වද හිංසා සිදුකරමින් කෘරත්වයෙන් සැලකීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දියණියගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ ඉංගිරිය පොලිසිය විසින් ඊයේ (11) දිනයේ මව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මවගේ වැඩ හිංසාවන්ට ලක්වූ බව කියන දියණිය ඊයේ (11) දිනයේම හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කළ බවයි ඉංගිරිය පොලිසිය පැවසුවේ.
මව විසින් කාලයක් සිට මෙලෙස කෘර ලෙස සැලකීම හේතුවෙන් දියණිය දැඩි මානසික පීඩාවකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවද වාර්තා වනවා.
අදාළ දියණිය පුද්ගලික අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින සිසුවියක් බවයි ඉංගිරිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු මව අද (12) දිනයේ හොරණ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.













