කාලයක සිට මව, දියණියව සපා කාලා – අත්අඩංගුවට ගැනුණු මව අධිකරණයට

කලක සිට තම අවුරුදු 17ක දියණිය හපා කා වද හිංසා සිදුකරමින් කෘරත්වයෙන් සැලකීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දියණියගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ ඉංගිරිය පොලිසිය විසින් ඊයේ (11) දිනයේ මව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මවගේ වැඩ හිංසාවන්ට ලක්වූ බව කියන දියණිය ඊයේ (11) දිනයේම හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කළ බවයි ඉංගිරිය පොලිසිය පැවසුවේ.

මව විසින් කාලයක් සිට මෙලෙස කෘර ලෙස සැලකීම හේතුවෙන් දියණිය දැඩි මානසික පීඩාවකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවද වාර්තා වනවා.

අදාළ දියණිය පුද්ගලික අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින සිසුවියක් බවයි ඉංගිරිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු මව අද (12) දිනයේ හොරණ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12
Video thumbnail
විපක්ෂ නායක සජිත් දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් හමුවෙයි
04:32
Video thumbnail
දයාසිරිගෙන් පරිස්සම් වෙන්න - ගොඩපෙරකදෝරුවන්ගෙන් උපදෙස් ගන්න එපා
04:19
Video thumbnail
බන්ධනාගාරයේ සිට අලුත් ලුක් එකකින් චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවට
00:22
Video thumbnail
රජයෙන්ම යැපුණු සෙට් එක දැන් කලබල වෙලා
04:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
00:00
Video thumbnail
දැඩි නියං කාලගුණය නිසා තිසා වැවේ ජල මට්ටම පහළට
01:08