ආබාධිත රණවිරුවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල ගැන විශේෂ සාකච්ඡාවක්

යුදමය වාතාවරණය පැවති වකවානුවේ ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් ආබාධිත තත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයින් (විශේෂ කාර්ය බළකායද ඇතුළත්ව) නිශ්චිතව හඳුනා ගැනීම සහ ඔවුන්ගේ නොවිසඳුනු ගැටළුවලට සහන සැලසීම සඳහා රජය විසින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

එම වැඩපිළිවෙල අනුව පත්කරන ලද කමිටුව විසින් ලබාදුන් නිර්දේශ අනුව සකස් කරන ලද කැබිනට් පත්‍රිකාව සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණා.

එම කැබිනට් පත්‍රිකාවට අනුව සහන ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සම්බන්ධයෙන් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන්, පසුගියදා 09 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පැවැත්වුණා.

නව අමාත්‍ය මණ්ඩල තිරණයට අනුව ත්‍රස්ත ක්‍රියා හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය, ආබාධිත වූ හෝ ආබාධිත තත්වය හේතුවෙන් නිවාඩු නොමැතිව රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන් සේවයෙන් ඉවත් කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජනය සහිත වෛද්‍ය මණ්ඩල පත්කිරීමත්, එම වෛද්‍ය මණ්ඩල කටයුතු ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කර ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමත් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා.

එම ක්‍රමවේදය කඩිනමින් ආරම්භ කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අදාල නිලධාරීන්ට උපෙදස් ලබාදෙන ලදි.
මෙම ක්‍රමවේදය තුලින් සහන බලාපොරොත්තුවෙන් දිවයින පුරා විසිරී සිටින ආබාධිත රණවිරු සාමාජිකයින් හට අවහිරතාවයක් නොවන පරිදි ත්‍රිවිධ හමුදාවන් සතුව පවතින වෛද්‍ය පහසුකම් උපරිම අයුරින් භාවිතා කරමින් ඔවුන් වෛද්‍ය මණ්ඩල වලට යොමු කරවා සහන හිමිගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බවද, සුදුසුකම් ලබන පුද්ගලයින් වෙත ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ ළඟා කර දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පාර්ශවකරුවන්ට එතුමා වැඩිදුරටත් උපදෙස් ලබාදෙනු ලැබුවා.

රට ජාතිය වෙනුවෙන් සිදුකළ කැපකිරීම්වලදී ආබාධිත තත්වයට පත්වු සන්නද්ධ සේවා සාමාජිකයින්හට අවැසි සහයෝගය සහ සහන ලබාදීමට වත්මන් රජයේ නොසැලෙන කැපවීම නියොජ්‍ය අමාත්‍යවරයා නැවත තහවුරු කළා.

මෙම සාකච්ඡාව සඳහා ත්‍රිවිධ හමුදාපතිවරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, ආරක්‍ෂක අමාත්‍යංශයේ, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ ගණනක වංචාවක් ගැන පැමිණිල්ලක් - විනාශ කරාට වැඩක් නෑ මං ගාව තියෙනවා
02:40
Video thumbnail
හිරේ ගිය සරණ නැවත අධිකරණයට එයි..යද්දි හිනාවකුත් දාගෙන කියලා ගියපු දේ
01:11
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:17
Video thumbnail
CPC සභාපති රාජකරුණාගේ කෙරුවාව සජබ නිරෝෂන් හෙළිකරයි ? බාල තෙල් ගණුදෙනුවේ මහ මොළකරු මේ
10:06
Video thumbnail
සජිත් - ශානිගේ ගුණ වයන වීඩියෝව ගැන සජබයෙන් හෙළිකරයි..සාධාරණ නිලධාරියෙක් වෙනුවෙන් පෙනී සිටියේ
01:47
Video thumbnail
ඇයි උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්නොකර ඉන්නේ..?
10:38
Video thumbnail
සලේ ගැන අහද්දි උත්තර නොදී හිනාවකුත් දාගෙන ගිය නි.ඇමති චතුරංග
01:24
Video thumbnail
සුජීව තනියෙන් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:38
Video thumbnail
බනානා සුජී කිව්වාම සුජීවට රතු කට්ට පනී - ආණ්ඩුවට රිදෙන්නම දෙයි
08:43
Video thumbnail
පරිසර දූ#ණයේ පිරිවැය නිෂ්පාදනකරුවා සහ පාරිභෝගිකයාට දරන්න වෙනවා
03:54