අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ රාජ්‍ය ලේකම්වරියගේ අත්සන සහිත ව්‍යාජ ලේඛණ තොගයක් මෙරටින් හමුවෙයි

කූඨ ලේඛන සකසමින් ඔන්ලයින් මුදල් ජාවාරම් සිදුකළ බවට සැකපිට චීන ජාතිකයින් 17 දෙනෙක් සහ ලාඕස් ජාතික තරුණියක් ඊයේ (10) රාත්‍රියේදී කිරිබත්ගොඩ සහ කොල්ලුපිටිය ප්‍රදේශවලදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අතර ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි පිරිසක්ද සිටින බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී හිමිකරු නොමැති විදේශ ගමන් බලපත්‍ර 62ක්, අපරාධ සඳහා යොදාගත් බවට සැකකරන ජංගම දුරකථන තොගයක් ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් , ශ්‍රී ලංකා රුපියල් මුදල් ප්‍රමාණයක් සද විදේශීය මුදල් ප්‍රමාණයක්, නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 2000කට ආසන්න ප්‍රමාණයක්, කූට ලේඛන සැකසීම සඳහා යොදාගත් උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ රාජ්‍ය ලේකම්වරියගේ අත්සන සහිත ව්‍යාජ ලියකියවිලි සහ කැලිෆෝනියා ප්‍රාන්තයේ ව්‍යාජ ලියකියවිලි තොගයක්ද මෙම අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය බුද්ධි සේවය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් පිරිස අද දින (11) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25