ෂාන් විජයලාල් ද සිල්වා රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ දකුණු පළාත් හිටපු මහ ඇමති ෂාන් විජයලාල් ද සිල්වා ජුනි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔහු අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවත්වා ගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති 2019 වර්ෂයේ රුපියල් මිලියන 16.5 ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන වලින් දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රම වේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා දකුණු පළාතේ දිස්ත්‍රික් තුනෙහි පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකු වෙත එම මිල දී ගන්නා ලද පුටු 16361ක් නිවාස/ කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීමට සැලැස්වීම මඟින් රජයට පාඩු සිදු කිරීම තුළින් දූෂණ වරද සිදු කිරීමේ චෝදනාව මත ඔහුව අද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07
Video thumbnail
වෙළඳසැල්වලට ගිහින් කප්පම් ගන්න හොර PHI -" කඩේ බලන්නේ නැතුව ඉන්නම්..කීයක් හරි දෙන්න කිව්වා"
06:04
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා - දොළොස්මහේ පහනේ උඩු කොටසට ෂොට් එක දුන් හැටි
01:09
Video thumbnail
අර්චුනා ජගත් මනුවර්ණට ගහපු හින්ට් එක අර්චුනාටම වැදෙයි - "මගේ සහෝදරයා මොන රෙද්දද කිව්වා"
01:27