ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් පසුගිය 04 වන දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නා.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි සුරේෂ් සලේට අමානුෂික අයුරින් සැළකීමට විරෝධය පා ආරම්භ කළ සත්‍යග්‍රහයට එක්ව සිටින පිරිස් ඊයේ (09) රාත්‍රියේත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ රැය පහන් කළා.
පසුගිය සඳුදා ආරම්භ කළ මෙම සත්‍යග්‍රහයේ තුන්වන දිනය අදයි.













