සලේගේ මෝසම සම්බන්ධ තීන්දුව අද – සත්‍යග්‍රහයේ නිරත පිරිස දෙවන දිනටත් කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැය පහන් කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් පසුගිය 04 වන දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නා.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි සුරේෂ් සලේට අමානුෂික අයුරින් සැළකීමට විරෝධය පා ආරම්භ කළ සත්‍යග්‍රහයට එක්ව සිටින පිරිස් ඊයේ (09) රාත්‍රියේත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ රැය පහන් කළා.

පසුගිය සඳුදා ආරම්භ කළ මෙම සත්‍යග්‍රහයේ තුන්වන දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26