රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට අමානුෂික සහ කෘෘර අයුරින් සැළකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කළ සත්‍යග්‍රහය ඊයේ (08) රාත්‍රියේත් පැවැත් වුණා.
ඒ, අනුව ඊයේ (08) රාත්‍රිය පුරා දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම සත්‍යග්‍රහය සඳහා එක්ව සිටියා.
සත්‍යග්‍රහය පැවැත්වෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ පොලිස් ආරක්ෂාව යොදවා ඇති ආකාරය ද දැකගත හැකි වුණා.
මෙම සත්‍යග්‍රහයට එක්ව සිටි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කළේ කුමන බාධා එල්ල වුවත් සුරේෂ් සලේ වෙනුවෙන් සිදුකරන සත්‍යග්‍රහය නතර නොකරන බවයි.
මේ අතර සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.
සුලේෂ් සලේගේ පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනවලට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ.
මේ අතර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වනවා.
.













