සලේ වෙනුවෙන් විමල්, ගම්මන්පිලලා කොටුව ස්ටේෂම ඉදිරිපිට රැය පහන් කරයි – මානව හිම්කම් කොමිසමෙන් CIDයට කැඳවීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට අමානුෂික සහ කෘෘර අයුරින් සැළකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කළ සත්‍යග්‍රහය ඊයේ (08) රාත්‍රියේත් පැවැත් වුණා.

ඒ, අනුව ඊයේ (08) රාත්‍රිය පුරා දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම සත්‍යග්‍රහය සඳහා එක්ව සිටියා.

සත්‍යග්‍රහය පැවැත්වෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ පොලිස් ආරක්ෂාව යොදවා ඇති ආකාරය ද දැකගත හැකි වුණා.

මෙම සත්‍යග්‍රහයට එක්ව සිටි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කළේ කුමන බාධා එල්ල වුවත් සුරේෂ් සලේ වෙනුවෙන් සිදුකරන සත්‍යග්‍රහය නතර නොකරන බවයි.

මේ අතර සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

සුලේෂ් සලේගේ පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනවලට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26