ඉතියෝපියාවේ දී පැහැරගත් ශ්‍රී ලාංකිකයින් තිදෙනා නිරුපද්‍රිතව මුදාගනී

ඉතියෝපියාවේ දී පැහැරගැනීමකට ලක් වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් බේරාගැනීමට හැකිව තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා රැකියා අවස්ථා සඳහා ඉතියෝපියාවට පැමිණ තිබූ අතර එහිදී ඔවුන්ව පැහැර ගැනීමකට ලක්ව තිබුණා.

මොවුන්ගේ පැහැර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එරට බෝලේ හී උප නගර පොලිස් දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීමෙන් අනතුරුව මැයි 26 වැනි දින මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී හෙළි වී ඇත්තේ මොවුන් අතුරුදන් වීමට දින කිහිපයකට පෙර ඉතියෝපියාවට පැමිණ ඇති බවයි.

විමර්ශනවල දී මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා ගුවන් තොටුපළින් රැගෙන ගොස් ඇති වාහනයක් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, ඉතියෝපියාවේ ඔරොමියා කලාපයේ පිහිටි නගරයක් වන ෂෂෙමේන් හී නේවාසික නිවාසයක රඳවා ඇති බව පසුව අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව සිදුකළ වැටලීමේදී මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා සාර්ථකව මුදාගැනීමට ඉතියෝපියානු ආරක්ෂක අංශ සමත්වී ඇති අතර මෙම වැටලීමේ දී ඉතියෝපියානු ජාතිකයින් දෙදෙනෙකු සහ පාකිස්තාන ජාතිකයින් සිව්දෙනෙකු ඇතුළු සැකකරුවන් හතක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පැහැරගත් මෙම ශ්‍රී ලාංකිකයින් නිදහස් කිරීම වෙනුවෙන් සැකකරුවන් විසින් එක් අයෙකුගෙන් ඩොලර් 30,000 බැගින් මුදල් ඉල්ලා ඇති බවට හෙළිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15