බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස බංග්ලාදේශ හිටපු නායක තමීම් ඉක්බාල් තේරී පත්ව තිබෙනවා.
ඊයේ (07) ඩකා නුවර පැවති ඡන්දයකින් පසු වසර හතරක කාලයක් සඳහා ඔහු මෙලෙස එම ධුරයට තේරී පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ඉදිරි වසර හතර සඳහා බංග්ලාදේශ ක්‍රිකට් අධීක්ෂණය කරනු ලබන සාමාජිකයින් 25 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පිහිටුවීම ද සිදුව තිබෙනවා.
සභාපති තනතුරට පත්වීමෙන් පසු තමීම් පවසා ඇත්තේ, බංග්ලාදේශ ක්‍රිකට් කෙරෙහි විශ්වාසය නැවත ඇති කිරීමට සහ පාලක මණ්ඩලය තුළ වැඩි විනිවිදභාවයක් ප්‍රවර්ධනය කිරීමට තමන් ප්‍රතිඥා දෙන බවයි.
මතභේදවලින් ඔබ්බට ගොස් ක්‍රීඩාවේ අනාගත සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට මණ්ඩලයට හැකි වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බවත් පවසා තිබෙනවා.
පසුගිය අප්‍රේල් මාසයේ සිට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තාවකාලික කමිටුවේ ප්‍රධානියා ලෙස තමීම් ඉක්බාල් කටයුතු කරනු ලැබුවා.













