බංග්ලාදේශ ක්‍රිකට් මුල් පුටුව තමීම් ඉක්බාල්ට

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස බංග්ලාදේශ හිටපු නායක තමීම් ඉක්බාල් තේරී පත්ව තිබෙනවා.

ඊයේ (07) ඩකා නුවර පැවති ඡන්දයකින් පසු වසර හතරක කාලයක් සඳහා ඔහු මෙලෙස එම ධුරයට තේරී පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඉදිරි වසර හතර සඳහා බංග්ලාදේශ ක්‍රිකට් අධීක්ෂණය කරනු ලබන සාමාජිකයින් 25 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පිහිටුවීම ද සිදුව තිබෙනවා.

සභාපති තනතුරට පත්වීමෙන් පසු තමීම් පවසා ඇත්තේ, බංග්ලාදේශ ක්‍රිකට් කෙරෙහි විශ්වාසය නැවත ඇති කිරීමට සහ පාලක මණ්ඩලය තුළ වැඩි විනිවිදභාවයක් ප්‍රවර්ධනය කිරීමට තමන් ප්‍රතිඥා දෙන බවයි.

මතභේදවලින් ඔබ්බට ගොස් ක්‍රීඩාවේ අනාගත සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට මණ්ඩලයට හැකි වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බවත් පවසා තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ සිට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තාවකාලික කමිටුවේ ප්‍රධානියා ලෙස තමීම් ඉක්බාල් කටයුතු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45