ඉරානය විසින් ඊශ්‍රායලයට යළිත් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අද (08) උදෑසනවන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.56%කින් මිල ඉහළ ගොස් ඇති අතර, ඇමරිකානු ඩොලර් 96.38ක් ලෙස එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිය දැක්වෙනවා.
එමෙන්ම එක්සත් ජනපදය වෙළඳාම් කරන WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 3.41%කින් මිල ඉහළ ගොස තිබෙනවා.
WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 93.63ක් ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
1
+1













