අම්බලන්තොට පොලිස් වසමේ මල්පෙත්තාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
අද (08) අලුයම් කාලයේ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳගේ පියා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳගේ පියා විසින් පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා මාමඩල ප්‍රදේශයේ පදිංචි පසිඳු උදයංග හෙවත් ‘වැලිසමන්’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන වයස අවුරුදු 26ක පුද්ගයෙක්.
අපරාධය සිදුකළ සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
1
+1
2
+1













