ඉන්දියාව ටොන් 13,000ක ‘ප්‍රොජෙක්ට් 18’ ස්ටෙල්ත් කෲසර් යුද නැව් නිපදවීම අරඹයි

ඉන්දීය සාගර කලාපය තුළ චීනයේ මිලිටරි ව්‍යාප්තියට සාර්ථකව මුහුණ දීම සඳහා, ඉන්දීය නාවික හමුදාව විසින් ටොන් 13,000ක බරින් යුත්, රේඩාර්වලට හසු නොවන (Stealth) අතිනවීන ‘ප්‍රොජෙක්ට් 18’ (Project 18) නැමැති දැවැන්ත කෲසර් (Cruiser) වර්ගයේ යුද නැව් සැලසුම් කිරීමේ කටයුතු වේගවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ව්‍යාපෘතිය ඉන්දීය නාවික ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙන්නේ, දැනට ඉන්දියාව සතු විශාලතම විනාශකාරී යුද නැව් (Destroyers) වන ‘විශාකාපට්නම්’ පන්තියේ නැව් (ටොන් 7,400) මෙන් දෙගුණයකට ආසන්න බරකින් සහ ප්‍රමාණයකින් යුක්ත වන බැවිනි.

ලෝකයේ දැනට පවතින්නේ ඇමරිකාවේ ‘සුම්වෝල්ට්’ (Zumwalt) සහ චීනයේ ‘ටයිප් 055’ (Type 055) වැනි ඉතා සීමිත කෲසර් පන්තියේ නැව් ප්‍රමාණයක් පමණක් වන අතර, මෙම නව ව්‍යාපෘතිය හරහා ඉන්දියාව ද එම සුපිරි බලවත් රටවල් ලැයිස්තුවට එක්වනවා.

‘ප්‍රොජෙක්ට් 18’ යුද නැව් සඳහා ඉන්දියාවේ දේශීය තාක්ෂණයෙන් නිපදවන නවීනතම ආයුධ සහ පද්ධති ඇතුළත් කිරීමට නියමිතය. විශේෂයෙන්ම සතුරන් මවිත කරන දිගුදුර මිසයිල මෙන්ම, සතුරු රේඩාර් පද්ධති මගහැර යා හැකි අතිනවීන ආවරණ තාක්ෂණයෙන් (Advanced Stealth Features) මෙය සමන්විත වනවා.

ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ඉන්දීය සාගරයේ බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන චීන නාවික හමුදාවට (PLAN) පැහැදිලි මිලිටරි බලතුලන පණිවිඩයක් ලබාදීමට මෙමඟින් ඉන්දියාවට හැකියාව ලැබෙන බවයි.

සම්පූර්ණයෙන්ම ‘මේක් ඉන් ඉන්ඩියා’ (Make in India) සංකල්පය යටතේ ඉන්දීය නැව් තටාකාංගණ තුළම මෙම නැව් නිපදවීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted