ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය වෙයි ?

ලෙබනනයේ, හබ්බූෂ් ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ආරංචි මාර්ග පවසනවා.

‘රාහ්මා’ නමින් හඳුවන්වන ඇයගේ සම්පූර්ණ අනන්‍යතාවය හෝ පවුලේ විස්තර තවමත් තහවුරු වී නැහැ.

කෙසේ වෙතත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ නිවේදනයක ‘රාහ්මා’ නමින් හඳුවන්වන එම කාන්තාවකගේ ඡායාරූප ද නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසා ඇත්තේ, එම කාන්තාව හඳුනා ගැනීමට හෝ ඇගේ ඥාතීන්, ඇය හදුනන කිසිවෙක් හෝ සොයා ගැනීමට උපකාරී විය හැකි තොරතුරු කිසිවක් තිබේ නම් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසයි.

අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ ඇය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බවට සැක කෙරෙන අතර ලෙබනනයේ වාසය කරමින් සිට ඇති බවයි.

අදාළ කාන්තාව සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 011 227 5525 යන දුරකථන අංකය ඔස්සේ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසයි නිවේදනයේ සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02