Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හෙට දිනයේ දි මා ඔයේ පාලම වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය ඉල්ලයි

”දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් මා ඔයේ ජල පහරට ගසා ගෙන එන ලද උණ පඳුරු, ගස් මුල් මා ඔයේ පාලමේ සිරවීම හේතුවෙන් එම සුන්බුන් ඉවත් කිරීම හෙට (07) දින සිදු කරන බවට නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, ඉහත දින උදෑසන 08.00 සිට සවස 05.00 දක්වා කාලය තුළ මෙම සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදු කරන බැවින් මා ඔය පාලම මතින් ගමන් ගන්නා සියළුම රථවාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියැදුරන් හා මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.

ඒ අනුව පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා,