කුලී රථ රියදුරා කොල්ල කෑ කොල්ලකරුවන් තිදෙනා පැය කිහිපයක් තුළ අල්ලයි (වීඩියෝ)

කුලී ගමනක් යන මුවාවෙන් කුලී රථයකට නැඟ එහි රියදුරාට හිංසා සිදුකර ඔහුගේ මුදල් කොල්ල කෑ සැකකරුවන් තිදෙනෙක් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කොල්ලකෑම අදාළ මෝටර් රථයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවක පටිගත වී තිබූ අතර, එම වීඩියෝව ඊයේ (31) දිනයේ සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

ඒ, පිළිබඳව අවධානය යොමු කළ පොලිසිය සිදුකළ විමර්ශනවල දී මොවුන් තිදෙනාව අත්අඩංගුවට ගැනීමට මෙලෙස සමත්ව තිබෙනවා.

ඒ, අනුව බොරැල්ල පොලිස් ස්ථානය මඟින් සැකකරුවන් දෙදෙනෙක් සහ වැලිකඩ පොලිසිය මඟින් එක් සැකකරුවෙක් ඊයේ (31) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම කොල්ලකරුවන් බොරැල්ල , කොටා පාර ප්‍රදේශයේ දී කුලී රථ රියදුරා සතුව තිබූ රුපියල් 38,500ක මුදලක් කොල්ල කා පලාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිද්ධියට මුහුණ පෑ කුලී රථ රියදුරා වැලිකඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද සිදුකර ඇති බව අනාවරණය වී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36