අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් තාවකාලිකව පත්කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කළ බව මල්වතු මහා විහාරය අද (30) නිවේදනය කළා.
එමෙන්ම අද (30) දිනයේ රැස්වූ මල්වතු මහා විහාරිය කාරක මහා සංඝ සභාව විසින් අටමස්ථානාධිපති ධුරයේ කටයුතු කළ පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගේ,නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
උන් වහන්සේට එල්ල වී ඇති චෝදනාව පිළිබඳ පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙන තෙක් එම පදවිය අත්හිටුවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
+1
+1
1
+1













