වේයන්ගොඩ නගරය මූලික කරගෙන පැවැත්වෙන වෙසක් කලාපය හේතුවෙන් එම නගරය ආශ්‍රිතව අද (30) සහ හෙට (31) දිනයන්හි තොරණ, පහන්කූඩු, භක්ති ගීතවැඩසටහන් හා දන්සැල් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙම වෙසක් කලාප හේතුවෙන් විශාල මහජනතාවක් වේයන්ගොඩ නගරය වෙතපැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන බැවින් ඉහත දිනයන්හි සවස 06.00 සිට අළුයම දක්වා කටුනායක – නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් ඇති වීමට හැකියාවක් ඇති බැවින් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස එම ප්‍රදේශ ඔස්සේ ගමන් ගන්නා රියැදුරන් හා මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.
ඒ අනුව විකල්ප මාර්ග ලෙස,
මහනුවර, අවිස්සාවේල්ල දෙසින් කටුනායක දෙසට ගමන් ගන්නා වාහන පස්යාල හන්දියෙන් මීරිගම, දිවුලපිටිය, මිනුවන්ගොඩ හරහා කටුනායක දෙසට ගමන් කළ හැකි බවත්,
කිරිඳිවැල, යක්කල දෙසින් වේයන්ගොඩ හරහා කටුනායක දෙසට ගමන් ගන්නා වාහන යක්කල, ගම්පහ, උඩුගම්පල, සීදුව හරහා කටුනායක දෙසට ගමන් කළ බවත්,
කටුනායක දෙස සිට වේයන්ගොඩ හරහා අවිස්සාවේල්ල සහ මහනුවර දෙසට ගමන් ගන්නා වාහන මිනුවන්ගොඩ, දිවුලපිටිය, මීරිගම හරහා පස්යාල දෙසට සහ වරකාපොල දෙසට ගමන් කල බවත්, පොලිසිය දැනුම්දෙනවා.













