ත්‍රිරෝද රථයක් බස්නැවතුම්පොළක ගැටී කාන්තාවක් මරුට – තිදෙනෙකුට තුවාල

තඹලගමුව පොලිස් වසමේ කන්තලේ -,ත්‍රිකුණාමලය මාර්ගයේ වවුල්පාලම ආසන්නයේ දී ඊයේ (28) දහවල් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

කන්තලේ දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එහි රියදුරුට නින්දයාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන බස්නැවතුම්පොළක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු හා පසුපස අසුනේ ගමන්ගත් කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා තඹලගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මියගිය කාන්තාව ගල්මැටියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක තැනැත්තියක්.

අනතුර සම්බන්ධයෙන් තඹලගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted