ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වන සහ හයවන සමාලෝචන ඇගයීමට ලක්කිරීම අද (27) දිනයේ සිදුකිරීමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් මේ සඳහා අනුමතිය ලබා දී තිබෙනවා.
මේ යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700ක පමණ මූල්‍ය ආධාරයක් ලබාගැනීමට ප්‍රවේශය සැලසෙනවා.
මෙම සමාලෝචනය සඳහා අනුමැතිය ලැබීමට අවදානය ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින් පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිල ප්‍රතිස්ථාපනය කිරීම තීරණාත්මක ක්‍රියාමාර්ගයක් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ.
එමෙන්ම හිමිවන මෙම ඩොලර් මිලියන 700ත් සමඟ ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.













