2025 විසර්ජන පනතේ අත්තිකාරම් ගිණුම් සීමා කිහිපයක් සංශෝධනයට මුදල් කාරක සභා අනුමතිය

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සභාපතිත්වය දරන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, සභාපතිවරයාගේ නොපැමිණීම දන්වා තිබූ බැවින්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම්ගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක, නිමල් පලිහේන, එම්. කේ. එම්. අස්ලම් සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මේ සඳහා අනුමැතිය ලබා දෙනු ලැබුවා

2025 වර්ෂය සඳහා අත්තිකාරම් “බී” ගිණුම් 169ක් මෙන්ම ගබඩා, වෙළඳ සහ විශේෂ අත්තිකාරම් ගිණුම් 11ක් සඳහා 2025 අංක 3 දරන විසර්ජන පනතේ තුන්වන උපලේඛනය යටතේ සීමාවන් නියම කර ඇත. අදාළ වර්ෂය තුළදී උද්ගත වූ අවශ්‍යතාවන් අනුව එලෙස නියම කර ඇති සීමාවන් සංශෝධනය කිරීම සඳහා නිකුත් කර ඇති අංක 1 සිට 44 දක්වා වන නියෝග මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය සඳහා මෙලෙස ඉදිරිපත් කර තිබෙනවා.

මේ අනුව එම නියෝග දීර්ඝව සලකා බැලීමෙන් අනතුරුව, පහත දැක්වෙන අත්තිකාරම් ගිණුම් සීමාවන් සංශෝධනය කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

  1. රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් “බී” ගිණුම් – නියෝග අංක 1 සිට 36 දක්වා
  2. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් මුද්‍රණය, ප්‍රචාරණය හා අලෙවිය අත්තිකාරම් ගිණුම – නියෝග අංක 37

මෙහිදී 2023 වසරේ භාවිතය සඳහා වන ඇතැම් ශ්‍රේණිවල නව විෂය නිර්දේශ මොඩියුලයන්ට අදාළ පෙළපොත් මුද්‍රණය කිරීමේ ප්‍රමාදය සහ විවෘත තරඟකාරී ලංසු කැඳවීම් යටතේ මුද්‍රණය පිරිවැය අඩු වීම අත්තිකාරම් ගිණුම් සීම‍ාවන්
අඩුවෙන් භාවිත වීමට මූලික හේතුව බව නිලධාරීහු පෙන්වා දුන්නා.

මොඩියුල ස්ථීර කිරීම (Module Confirmation) සහ පෙළපොත් මුද්‍රණය කිරීම අතර වඩා හොඳ සම්බන්ධීකරණයක් සහ සැලසුම් කිරී‍මක් සහතික කිරීමේ අවශ්‍යතාවය ද කමිටුව විසින් මෙහිදී අවධාරණය කර තිබෙනවා.

  1. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගබඩා අත්තිකාරම් ගිණුම (පුපුරණ ද්‍රව්‍ය) – නියෝග අංක 38
  2. ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවට ගන්නා ලද හා රාජසන්තක කරන ලද බඩු ද්‍රව්‍ය පිළිබඳ අත්තිකාරම් ගිණුම – නියෝග අංක 39
  3. රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ වෙනත් ආණ්ඩු වෙනුවෙන් ගෙවීම සඳහා අත්තිකාරම් ගිණුම – නියෝග අංක 40
  4. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික ගොවිපල නඩත්තුව හා බීජ අලෙවිය අත්තිකාරම් ගිණුම – නියෝග අංක 41
  5. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ගබඩා අත්තිකාරම් ගිණුම – නියෝග අංක 42

මෙහිදී අමතර කොටස් විශාල තොගයක් (spare inventory) ලේඛනගත ක්‍රමයට අකාර්යක්ෂමව කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කාරක සභාව සිය කණගාටුව පළ කළ අතර වඩාත් කුඩා තොගයක් පවත්වාගනිමින් කළමනාකරණය කිරීම සහ එය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නිර්දේශ කරන කළා.

  1. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ ගබඩා අත්තිකාරම් ගිණුම – නියෝග අංක 43
  2. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කළ වැඩ අත්තිකාරම් ගිණුම – නියෝග අංක 44

මෙම රැස්වීම සඳහා ඒ ඒ අමාත්‍යාංශ නියෝජනය කරමින් අදාළ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53