මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කොටු වූ චීවරධාරීන් ජුනි 9 දක්වා යළි රිමාන්ඩ්

තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් විසි තුන්දෙනා එළැඹෙන ජුනි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය නියෝග කළා.

එම චිවරධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ මාර්ගගත ක්‍රමය ඔස්සේය. සියලුම නඩුවල තුන්වන සැකකරු ලෙස නම් කර ඇති චන්ද්‍රකුමාර දයාරත්න නනැමැත්තා මුල්වරට අධිකරණයට ඉදිරිපත් කරන බැවින් එම පුද්ගලයා පමණක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මගින් විවෘත අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

රිමාන්ඩ් දිර්ඝය සඳහා දිනකට නඩු සිය ගනනක් කැඳවන බැවින් කුඩා සිරකුටියේ සැකකරුවන්ට සිටිමට අපහසු බැවින් එලෙස මාර්ගගත ක්‍රමය යටතේ නඩු කැඳවන බව අතිරේක මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය. එහිදී මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුවන් ද මනුෂ්‍යන් බවයි. අධිකරණ ශාලාවේ විශාල සෙනඟක් සිටින බැවින් එකී සැකකාර ස්වාමීන් වහන්සේලාට බිම ඉඳගෙන සිටිමට වන බවත් එම කුඩා කුටියේ සිය ගනනක හුස්ම ගැනීමට පවා අපහසු වන බැවින් මේ ආකාරයට රිමාන්ඩ් නඩු මාර්ගගත ක්‍රමය යටතේ කැඳවන බව අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ඉන් අනතුරුව නඩු කටයුතු ආරම්භ කළා.

තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් විසිදෙදෙනෙකු අප්‍රෙල් 25 වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වුණේ ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් හමුවීමත් සමඟයි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවයි.

ඒ අනුව අමිතාන්නද නම් චීවරධාරියාද ගම්පහ මීගහ වත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම මෙම පිරිස මෙහෙය වූ බව කියන මින්පෙර අවස්ථාව වලදීද මත්ද්‍රව්‍ය මෙරටට ගෙන එම සඳහා ඊට ආධාර අනුබලදුන් මහමුද් මොහොමඩ් නැමති පුද්ගලයකු කොළඹ ප්‍රදේශයේදී ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 9 ඉදිරිපත් කළ අතර 14 වැනිදා දක්වා තවදුරටත් රඳවා ප්‍රශ්න කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය හමුවේ නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පැමිණ පසුගිය නඩු වාරයේදී ප්‍රමදයට හේතු දැක්වුවා.

එහිදී නිලධාරීන් කියා සිටියේ ඔවුන් පැමිණි වාහනය කාර්මික දෝශයකට ලක් වූ බැවින් එකී ප්‍රමාදය සිදු වු බවයි. මින් ඉදිරියට එසේ නොවන බවත් 9.00 වන විට අධිකරණයට පැමිණෙන බවත් සඳහන් කළ නිලධාරීන් සමාව අයැද සිටියා.

එහිදී මහෙස්ත්‍රාත්වරිය දැඩිව අවවාද කරමින් සඳහන් කළේ සිටියේ අධිකරණ කටයුතු 9.00ට පටන් ගන්නා බැවින් මෙසේ ප්‍රමාද වීම යුතු නොවන බවයි. ” මේක සාමාන්‍ය නඩුවක් නෙවෙයි, ඔයලා එනකං අධිකරණයට බලන් ඉන්නබෑ. මෙි නඩුව වෙනස් සංවේදී හැමෝගෙම අවධානය යොමු වෙන නඩුවක්, ඒ නිසා වෙලාවට එන්න. මින් ඉදිරියට එසේ සිදුවෙන්න බෑ. ” යැයි මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා සඳහන් කළේ රාජා අන්වර් නැමති සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන සිදු කරන බව සඳහන් කළේ ය. එම පුද්ගලයා පුන්‍යරතන හාමුදුරුවෝ සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවද එම නිලධාරීයා පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව නඩු 22ක සම්බන්ධයෙන් කාන්තා උප පොලිස් පරික්ෂක ලක්මාලි මහත්මිය වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම්කරුවන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව වෙන් වෙන් වශයෙන් පවරා ඇති නඩු 22කට සැකකරුවන් 8 දෙනෙකු ලෙස නම් කෙරුණා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය එළැඹෙන ජුනි මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

01.මාලිගාවිල ස්වර්ණාලොක හිමි.
02.ගල්වත්තේ සුනන්ද හිමි.
03.මාදලේ රාහුල හිමි
04.ඇතිමලේ සුභෝධාලංකාර හිමි
05.දම්මල ගුණානන්ද හිමි
06.පන්නල අමරබුද්ධි හිමි
07.මාරඹ ජෝති රතන හිමි
08.හදගනාවේ නන්දරතන හිමි
09.දෙමටනාවේ මහානාමතිලක හිමි
10.පොතුපිටියේ සමිත හිමි
11.මහවඩුගේ සද්ධානන්ද හිමි
12.නිකපොත සුමනරක්ඛිත හිමි
13.වාහල්කඩ අරියරක්ඛිත හිමි

  1. රණාලේ ඤාණතුසිත හිමි
    15.හිදිගහවත්තේ සීලරතන හිමි
    16.නුගගොල්ලේ පවරසිරි හිමි
    17.ලුණුගම්වෙහෙරේ වේළුසුමන හිමි
    18.ගොඩකුඹුරේ පඤ්ඤාදේව හිමි
    19.සියඹලාපේ අමිතරංසි හිමි
    20.අකුරැස්සේ ජිනරතන හිමි
    21.රිදීඇල සුමනරතන හිම්
    22.බුල්ගල්ලේ ජිනානන්ද හිමි.
  2. අගුණකොලේ අමිතානන්ද හිමි
    24.වන්ද්‍රකුමාර දයාරත්න
    25.මහමුද් මොහොමඩ්
    යන 25 දෙනා ලබන ජුනි 09 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අත්අඩංගුවට ගැනීමට සිටින සැකකරුවන් හතර දෙනා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කෙරේ.
ඒ , අනුව මොහොමඩ් අබ්දුල්ලා, රනාලේ ඥානසිල හිමි, බෙල්පිටියේ දම්මරක්කිත, අඹගස්මුල්ලේ පුන්‍යරතන යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සම්පත් කරුනාරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !