සරණගේ නඩු හතරෙහි තීන්දු ප්‍රකාශයට පත් කිරීම කල්යයි

දූෂණ චෝදනා එල්ලවී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේදීයි.