රට ඇත්තෙ භයංකාර ආර්ථික අර්බුදයක් අබියසයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රට භයංකාර ආර්ථික අවදානමකට මුහුණ දෙන බවත්, මේ අවදානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකර අසත්‍ය සංඛ්‍යා ලේඛනවලින් ජනතාව රවටන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයක් ඇති බවට විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස පවසනවා.

ලෝක සම්මත ආර්ථික මතය අනුව විදේශ සංචිත අවම ආනයන වටිනාකම මාස 03ක ප්‍රමාණය විය යුතු බවත් ජනාධිපතිවරයා කියන ආකාරයට රටට ඩොලර් බි 7ක් ඇති බව පැවසුවත් මසකට දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2ක් වැය වන බවත් මාස තුනට බිලියන 6ක් තිබිය යුතු බවත් රුපියල අවප්‍රමාණ වීම සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා මේ හැකියාව අඩුවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මේ බව කියා සිටියේ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පැවැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සමග පැවැති හමුවකදීයි.

මේ බිලියන 7 ඇතුළත චීන යුආන් බිලියන 1.2ක් ඇති නමුත් එය භාවිත කළ නොහැකි බවත් භාවිත කළ හැක්කේ ඩොලර් බිලියන 5.8ක් බවත් තෙල් මිල ඉහළ යන මේ අවස්ථාවේ 2022 දී 95 පෙට්‍රල් මිල රු. 470ක් වන විට අද 410ක් වන නිසා මේ අගය වැඩි වුවහොත් බංකොලොත් විය හැකි බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

මෑතකාලයේ විදේශ ප්‍රේෂණ වැඩි වුවත් මැදපෙරදිග යුද්ධය නිසා ඒ කලාපයේ ඇතිවන ආර්ථික අස්ථාවරත්වය නිසා රැකියා අහිමි වීමෙන් එය අඩුවිය හැකි බවත් රජය මේවා පැහැදිලි නොකරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44