රුපියල් තිස් හත් ලක්ෂ පනස් දහසක් වටිනා, විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යෑමට තැත් කළ විදේශීය ගුවන් මගීන් තිදෙනෙක් ඊයේ (25) දින රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අවුරුදු 30, 35 සහ 40 යන වයස් සීමාවල පසුවන චීන ජාතික ව්‍යාපාරිකයන් තිදෙනෙක්.
ඔවුන් ඊයේ (25) දින රාත්‍රී 09.55 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ, චීනයේ නිෂ්පාදිත දුම්වැටි 25,000 ක තොගයක් අඩංගු, දුම්වැටි කාටූන් 125 ක් සගවා ගෙන පැමිණ තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත්අඩංගුවේ තබා ගෙන, මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා .













