පසුගිය 12 වැනිදා ගාල්ල පොලිස් වසමේ දංගෙදර ප්රදේශයේදී කාර් රථයකින් පැමිණ වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශන සිදු කරමින් පවතිනවා.
ඒ අනුව ඊයේ (23) ඉහත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙක් එම කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 22 ක් වන තල්පේ, හබරාදූව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
3
+1
+1
+1













