ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන සචින් තෙන්ඩුල්කාර් විසින් සිය පුතු වූ අර්ජුන් තෙන්ඩුල්කාර් පිළිබද සංවේදී සටහනක්, සමාජ මාධ්‍ය වෙත ඊයේ (23) නිකුත් කර තිබුණා.
ඉන්දීය යොවුන් වේග පන්දුයවන්නෙක් වන අර්ජුන් තෙන්ඩුල්කාර් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ එක්ව සිටි අතර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මෙම තරගාවලියේ තරග වැදුණු අවසන් තරගයට ඊයේ (23) දිනයේ එක් වුණා.
කෙසේ වෙතත් එම අවසන් තරගය දක්වාම සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර්ට ලක්නව් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමේ වරම් හිමි නොවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණා.
කෙසේ වෙතත් ඊයේ (23) පන්ජාබ් කණ්ඩායම සමඟ පැවති තරගයට අර්ජුන්ව එක්කර ගැනීමට ලක්නව් කණ්ඩායමේ කළමනාකාරිත්වයතීරණය කර තිබූ අතර ඒ අනුව අර්ජුන් ඊයේ තරගයට ක්‍රීඩා කළා.
ඒ අනුව තරගයේ දී පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පන්දුවාර හතරට ලකුණු 36ක් පමණක් ලන්බා දෙමින් එක් කඩුල්ලක් දවා ගැනීමට අර්ජුන් තෙන්ඩුල්කාර්ට හැකියාව ලැබුණා.
කෙසේ වෙතත් තරගයෙන් අනතුරව් අර්ජුන් මෙම දැක්වූ දක්ෂතාවය සහ ඔහුගේ ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් සචින් තෙන්ඩුල්කාර් විසින් සමාජ මාධ්‍ය වෙත සංවේදී සටහනක් නිකුත් කර තිබෙනවා.
”ඉතා හොදයි, අර්ජුන්.
මේ වාරය පුරාම ඔබ ඔබවම කරගෙන ගිය ආකාරය ගැන ආඩම්බර වෙනවා, සැමවිටම ඔබේ හැකියාව විශ්වාස කරනවා, ඉවසිලිවන්තව ඉන්නවා, නිහඬව වෙහෙස මහන්සි වී වැඩ කරනවා, සහ අවසාන තරගය දක්වා ඔබේ අවස්ථාව එනතුරු බලා සිටීමට සිදු වුවද ධනාත්මකව ඉන්නවා.
ක්‍රිකට් ක්‍රීඩාව දක්ෂතාව මෙන්ම ඉවසීමද පරීක්ෂා කරනවා, ඔබ අද දෙකම ලස්සනට හසුරුවා ගත්තා.
ඔබේ පාද බිම තබා ගන්න, ඔබ සැමවිටම කළාක් මෙන් ක්‍රීඩාවට ආදරය කරන්න.
ඔබට සැමවිටම ආදරෙයි.” යනුවෙන් සචින් සිය සටහනේ අර්ජුන් පිළිබදව සඳන් කර තිබෙනවා.














