මීළඟ ගොදුර ඔබේ දරුවා ද? අවයව රැසකට හානි කරන අලුත් රෝගයක්!

කොවිඩ් සමග අලුත් ලෙඩක්

පශ්චාත් කොවිඩ් තත්ත්වය හේතුවෙන් ළමුන් “බහු ඉන්ද්‍රීය අකර්මන්‍යතාවට” හෙවත් “Multi System Inflammatory Syndrome” රෝගයට ගොදුරු වීමේ දැඩි ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේවන විට මෙම තත්ත්වයට ගොදුරු වූ ළමුන් 06 දෙනෙකු බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලෙහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර ප්‍රධාන වෛද්‍ය නලීන් කිතුල්වත්ත සඳහන් කළේ කොළඹ, රාගම, කළුබෝවිල සහ වැලිමඩ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙම ළමුන් වාර්තා වී ඇති බවයි.

අවයව රැසකට එකවර හානි

ඇස්, අක්මාව, වකුගඩු, හෘදය ඇතුළු අවයව ගණනාවකට එකවර බලපෑ හැකි මෙම රෝගය මෙතෙක් මෙරටින් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 8ත් 15ත් අතර දරුවන්ට බවයි වෛද්‍ය කිතුල්වත්ත සඳහන් කළේ.

එමෙන්ම වෛද්‍ය අංශ පවසන්නේ නොදැනුවත්වම කොවිඩ් 19 වැළඳී සුව වූ දරුවන් හට ද මෙම තත්ත්වය බලපෑ හැකි බවට යි.

දැන හෝ නොදැන කොවිඩ් වෛරසය ආසාදනය වී සති 2 – 6ක් පමණ කාලයක් ගතවන විට බහු ඉන්ද්‍රීය අකර්මන්‍යතාව හටගැනීමට ඉඩ ඇති බව ද වාර්තා වනවා.

තව ද බහු ඉන්ද්‍රීය අකර්මන්‍යතාවයේ මුල් රෝගලක්ෂණ පෙන්වන දරුවන් මේවන විටත් නිවෙස්වල සිටිය හැකි බව වෛද්‍ය මතය යි.

රෝග ලක්ෂණ

ඇස් රතු වීම, හම මතුපිට රතු වීම, වමනය, පාචනය, උදරයේ වේදනාව ආදිය මෙම රෝගී තත්ත්වයේ මුල් රෝග ලක්ෂණ බව වෛද්‍යවරු පවසනවා.

එවැනි රෝග ලක්ෂණ පවතින දරුවන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවන ලෙසටත් සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මෙය දිවයින පුරා පැතිර යාමේ ඉඩකඩ පවතින බව ද ඔවුන් පෙන්වා දෙනවා.

මාරාන්තික විය හැකියි

මෙය හෘදයට බලපෑමෙන් දරුවන් මියයාමට ඇති හැකියාව නිසා මෙම රෝගී තත්ත්වය භයානක බව ද ඔවුන් පවසා සිටිනවා.

මේ අතර මෙම රෝගය පසුගිය වසරේ දී එංගලන්තය සහ අමෙරිකාව වැනි රටවල්වලින් ද වාර්තා වූ බව වෛද්‍ය කිතුල්වත්ත ප්‍රකාශ කරනවා.

එමෙන්ම එම රටවල්වල දරුවන් මෙම රෝගී තත්ත්වයෙන් මරණයට පත්ව ඇති බව ද ඔහු සඳහන් කරනවා.

දරුණු පණු රෝගයකුත් රට පුරා

මේ අතර මේ දිනවල මෙරට දරුවන් අතර පැතිර යන පණු රෝගයක් පිළිබඳව ද වෛද්‍ය අංශ අනාවරණය කළා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ටෙක්සොකාරා නමින් හඳුන්වන මෙම පණු රෝගී තත්වය මේදින වල දරුවන් අතර සුලභව පැතිර යන බවයි.

මෙහි දී දරුවන්ගේ සම මත පණුගෙඩි ලෙස ඇතිවන අතර, ඇතැම්විට ඒවා ඇස්, මොළය සහ පෙණහළුවලට ද ඇතුළු විය හැකි බව යි වාර්තා වන්නේ.

එලෙස සිදු වුවහොත් ඒ හරහා බරපතල සංකූලතා ඇතිවිය හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවා. 

බෝ වෙන හැටි

එමෙන්ම මෙම පණු රෝගය සුනඛයින් සහ බළලුන්ගෙන් බෝවිය හැකි බව යි ඔහු පෙන්වා දෙන්නේ.

මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් දරුවන් නිවෙස්වලටම වී සිටීම හරහා, ඔවුන් සුරතල් සතුන් සමග වැඩි වැඩියෙන් කාලය ගත කිරීම, මෙම රෝගය හදිසියේ හිස එසවීමට එක් හේතුවක් විය හැකි බවට වෛද්‍යවරු සැක පළ කරනවා.

ඒ හේතුවෙන් සුරතල් සතුන් සමග ගැවසීමේ දී සැළකිලිමත් විය යුතු බවටත්, සතුන් අතපත ගෑමෙන් අනතුරුව නිසි පරිදි පිරිසිදු වීම වැදගත් බවටත් සෞඛ්‍ය අංශ පවසනවා.

ළමුන්ට බලපාන අලුත් කොවිඩ් ප්‍රභේදයක්

මේ අතර ඉන්දියාව තුළ භයානක ප්‍රතිඵල අත් කරදෙමින් පැතිර ගිය, මේවන විට රටවල් ගණනාවකට ද ව්‍යාප්ත වී ඇති කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය (ඉන්දීය ප්‍රභේදය) විකෘති වී තවත් ප්‍රභේදයක් හටගෙන ඇති බව එරටින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරනවා.

එය නම් කොට ඇත්තේ “ඩෙල්ටා ප්ලස්” ලෙස යි.

මෙම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා භයානක විය හැකි බවට මේවන විට සිදු කර ඇති පර්යේෂණයන්ට අනුව අනාවරණය වී ඇති අතර වඩාත් තීරණාත්මක කරුණ වන්නේ මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ළමුන්ට වැඩි අවදානමක් ඇති නව කොවිඩ් රැල්ලක් ලෙස මතු වීමට ඉඩ ඇති බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමට කටයුතු කිරීම යි.

ඉන්දීය කොවිඩ් පාලන කාර්ය සාධන බලකාය ප්‍රකාශ කර ඇත්තේ කුඩා ළමුන්ට වැඩි බලපෑමක් එල්ල කරමින් ඉන්දියාව තුළ තෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වනු ඇති බව යි.

10%ක් ළමුන්

මෙම රැල්ල තවත් මාස කිහිපයකින් ඉන්දියාව වෙත පතිත වීමට ඉඩ කඩ පවතින බවත් මෙම ව්‍යාප්තියේ වැඩි බලපෑම එල්ලවිය හැක්කේ මහාරාශ්‍ට්‍ර ප්‍රාන්තයට බවත් ඔවුන් පුරෝකථනය කරනවා.

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය හේතුවෙන් පැතිර යාමට නියමිත මෙම රැල්ලේදී එක්වර සක්‍රීය රෝගීන් ලක්ෂ 8ක් පමණ වාර්තා වීමේ හැකියාවක් ඇතැයි ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් බිය පළ කරනවා.

එම ලක්ෂ 8න් 10%ක් හෙවත් ආසාදිතයින් 80,000ක් පමණ ළමුන් විය හැකි බව ද අනුමාන කොට තිබෙනවා.

ඉන්දීය මාරයා ලංකාවටත් එයි

මේ අතර, ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයට හේතු වූ භයානක ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් ද හමු වූ බව අනාවරණය වූවා.

කොළඹින් මෙම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 05 දෙනෙකු හමු වූ බව යි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශල්‍ය ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියේ.

මෙම ප්‍රභේදය දැනට මෙරට තුළ ව්‍යාප්තව ඇති B11 හෙවත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයට වඩා අතිශය බරපතළ හානි ගෙනදෙන බවත් එය දෙගුණයක වේගයකින් ව්‍යාප්ත වන බවත් ඔහු පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39