දූ දරුවන්ගේ සමාජ ආරක්ෂාව ගැන දෙමාපියන් වැඩියෙන් අවධානය යොමු කළ යුතුයි – විපක්ෂ නායක

වර්තමානය වන විට ආර්ථික, සමාජීය ගැටලු රැසකට ජන සමාජය මුහුණ දෙන බවත්, ජනතාවට පවුල් ඒකකය තුළ තම අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එහෙත් දෙමාපියන් සෑම විටම දූ දරුවන්ට මුල්තැන දීමේ වගකීම එළෙසම පවත්වාගෙන යා යුතු බවට පැවසු විපක්ෂ නායකවරයා, දූ දරුවන්ට ලැබෙන නිසි පෝෂණය, සෞඛ්‍ය සම්පන්න භාවය, අධ්‍යාපනය, සමාජ ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බවටද පෙන්වා දුන්නා.

ඔහු මේ බව කියා සිටියේ, කුලියාපිටිය නගරයේ පෙරපාසල් 11ක දූදරුවන් 550 දෙනෙක් සඳහා පාසල් බෑග් බෙදා දීම වෙනුවෙන් කුලියාපිටිය නගර සභා ශාලාවේ දී පැවැති උත්සවයක් අමතමින්.

ඒ අනුව ළමා අයිතීන් රටේ මූලික අයිතියක් විය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

දේශයේ අනාගතය වන දූදරුවන් සම්බන්ධයෙන් විශාල වගකීමක් දෙමාපියන්ට ඇති අතර ඔවුන් රැකබලා ගැනීම, නිසි රැකවරණය ලබා දීම, ශක්තිය ආරක්ෂාව ලබාදීම‌ දෙමාපියන්ගේ වගකීමක් බව දියණියක් සිටින පියෙක් ලෙස තමාත් දරුවන්ගේ වැදගත්කම සහ දෙමාපියෙක් ලෙස එම වගකීම හොඳින් දන්නා බවත්, මේ දරුවන්ට ලබා දිය යුතු නිසි කරුණාව දයාව රැකවරණය ආදරය ආරක්ෂාව ලබාදෙන්නට සෑම අවස්ථාවකම කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08