බකමූණ – ගිරිතලේ මාර්ගයේ මාරක අනතුරක් – විදෙස් ගතව සිට පැමිණ පුද්ගලයෙක් මරුට

බකමූණ – ගිරිතලේ ප්‍රධාන මාර්ගයේ දියබෙදුම නගරය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (22) උදෑසන 6.30ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක පුද්ගලයෙක්.

කටුනායක ගුවන්තොටුපළේ සිට පුද්ගලයෙක් රැගෙන මඩකලපුව බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක් මාර්ගය අසල තිබූ කොහොඹ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන් ගත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, රියදුරා තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා මඩකලපුව ප්‍රදේශයේ පදිංචි අයෙක්වන අතර, ඔහු විදේශ ගතව සිට නැවත පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

රියදුරාගේ අධික වේගය සහ නොසලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු බවයි දියබෙදුම පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
11
+1
0
+1
0
+1
28
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
00:00
Video thumbnail
රට ඉඳන් ලංකාවට ඇවිත් ගෙදර යද්දී බිහිසුණු අනතුරෙන් එළොව ගිහින්.."ගහේ වැදිලා කැරකිලා ගිහින්"
02:23
Video thumbnail
"ඔළුවට උඩින් වතුර ගහනවා"කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයත් යටවෙලා - වාහනවලටත් යන්න බෑ
02:18
Video thumbnail
කඩා හැලෙන මහ වැස්ස හමුවේ කොළඹ නගරයේ තත්ත්වය..මුහුදත් රළු ස්වාභවයක්
01:45
Video thumbnail
මහ වැස්සෙන් කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි
01:12
Video thumbnail
අඹුසැමි යුවලක් බිහිසුණු අයුරින් එළොව යවලා.."බලන් ඉන්නේ මොන මඟුලකටද "
02:35
Video thumbnail
ජනාධිපතිගේ නට් බුරුල් වෙලා ද..?
10:49
Video thumbnail
මලයගම් ජනතාව වෙනුවෙන් සජිත් සංවේදී වෙයි
10:05
Video thumbnail
ලෝකේ වැඩිම මිලට තෙල් ගත්තේ ලංකාව ද..? ඇත්ත නැත්ත මෙන්න
09:53
Video thumbnail
මෙයාට හෙල්මටුත් නෑ - ලයිසනුත් නෑ
00:57