අධික වැස්සෙන් කටුනායක ගුවන් තොටුපොළේ මෙහෙයුම්වලට දැඩි බාධා – ගුවන් යානා 09ක් මත්තල හා ඉන්දියාවට හරවා යවයි

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (22) අලුයම් කාලයේ සිට පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 09ක් මත්තල ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් සහ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානා 02ක් , සාජා නුවර සිට පැමිණි එයාර් ඇරේබියා ගුවන් සේවයේ ගුවන් යානා 02ක් , අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයක් සහ කුවේට් සිට පැමිණි ජසීරා ගුවන් සේවයේ ගුවන් යානයක් වශයෙන් ගුවන් යානා 06ක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ.

අද (22) දින අලුයම 03.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි  කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානය සහ අලුයම 02.35 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි  කිව්.ආර්.- 658 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත මෙලෙස යොමු කර තිබුණා.

මීට අමතරව සාජා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (22) දින අලුයම 02.30 ට ගොඩබැස්සවීමට පැමිණි එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානය සහ අලුයම 04.00 කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජී.9.- 502 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ.
  
එමෙන්ම අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (22)  දින අලුයම 03.30ට ගොඩබැස්සවීමට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානය සහ කුවේට් රාජ්‍යයේ සිට 05/22 දින අලුයම 04.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජසීරා ගුවන් සේවයේ ජේ.9.- 551 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා.

මීට අමතරව අද (22) අලුයම 04.45 ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානය සහ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට 05/22 දින අලුයම 03.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි  ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1171 දරන ගුවන් යානය ද ඉන්දියාවේ කොචින් නුවර ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එසේම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට අද (22) දින අලුයම 04.30ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණෙමින් තිබූ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන් යානය ද යළිත් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම්, වංචා කරපු මිනිස්සු දැන් පෝළිමට උසාවි යනවා - සමහරු කෙළින්ම ඇතුළට යන්නේ
03:09
Video thumbnail
28 වතාවක් හිරේ ගිහින් ඉන්න පුද්ගලයෙකු ළඟ තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මාට්ටු
00:55
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් වැල් පාලමක් වූ බලන දුම්රිය මාර්ගයේ එදා සහ අද අතර වෙනස
03:52
Video thumbnail
හිටපු පොලිස්පතිගේ මි#යාම ගැන නලින්දගෙන් ප්‍රකාශයක් - මේවා දේශපානය හා සම්බන්ධද ?
01:37
Video thumbnail
හිටපු පොලිස්පති සී.ඩී ගැන නලින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - එයාට පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නෑ ?
06:02
Video thumbnail
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු පොලිස්පතිගේ නිවසෙහි මේවන විට තත්ත්වය
01:38
Video thumbnail
පොඩි කමටද කඩේට දුන්න ගේම..අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
04:03
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40