නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව හෙට (22) දිනයේ දී බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.
උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව නිවේදනයේ සඳහන්.
ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක හෙට (21) පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විදයට දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (35-45) පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත් සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.













