මෙරටට අභ්‍යවකාශ ප්‍රතිපත්තියක් සැකසීමට කැබිනට් අනුමැතිය

අභ්‍යවකාශ තාක්ෂණය සහ එහි භාවිතයන්, ආපදා කළමනා කරණය, සන්නිවේදනය, ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය සහ ආර්ථික නවෝත්පාදනය වැනි තීරණාත්මක අංශ හරහා සැලකිය යුතු ප්‍රතිලාභ අත්කර දෙමින් ජාතික සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක් බවට මේ වන විට පත්ව ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අභ්‍යවකාශ තාක්ෂණයේ දිනෙන් දින වර්ධනය වන උපාය මාර්ගික වැදගත්කම සැලකිල්ලට ගෙන, ඒ සඳහා මෙරට තුළ ඒකාබද්ධ ජාතික රාමුවක් පැවතීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබෙනවා.

එබැවින්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ජාතික අභ්‍යවකාශ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍ය විජිත හේරත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ.

යෝජිත ප්‍රතිපත්තිය මඟින් ජාත්‍යන්තර සහයෝගිතාව විධිමත් කිරීම හා ඒ සඳහා පහසුකම් සැලසීම, ගෝලීය අභ්‍යවකාශ පාලන යාන්ත්‍රණයන් තුළ ශ්‍රී ලංකාවේ ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ සියලුම ජාතික අභ්‍යවකාශ ක්‍රියාකාරකම් ජාත්‍යන්තර බැඳීම්, ගිවිසුම් හා ප්‍රමිතීන්ට අනුකුලව ක්‍රියාත්මක වන බවට සහතික කිරීමට හැකියාව ලැබෙනු තිබෙනවා.

ඒ අනුව, අභ්‍යවකාශ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා විශේෂිත තාක්ෂණික දැනුම සහිතවිශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55