ජාතික රණවිරු සැමරුම් උත්සවය වෙනුවෙන් බත්තරමුල්ල, පොල්දූව අවට විශේෂ රථවාහන සැලැස්මක්

ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියස දී අද (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ඒ අවට ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව අද (19) සවස 03.30 සිට කොළඹින් පිටවීම පොල්දූව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීම කියැන්නෑම් හන්දියෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම හා රථවාහන පහත විකල්ප මාර්ග වෙත යොමු කිරීම අවස්ථානුකූලව සිදුකරනු ලබන බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

විකල්ප මාර්ග – පාර්ලිමේන්තු මාර්ගය හරහා කොළඹ සිට පිට වීමට පැමිණෙන වාහන පොල්දූව හන්දියෙන් බත්තරමුල්ල, පාලන්තුන, කියැන්නෑම් හන්දිය හරහා ගමන් කිරීමට හැකියාව ඇත.

කියැන්නෑම් හන්දියෙන් කොළඹට ඇතුළුවන වාහන පාලන් තුන, බත්තරමුල්ල හරහා ගමන් කිරීමට හැකියාව ඇත.

රජමල්වත්ත දෙස සිට බෝධිරාජ මාවත ඔස්සේ පැමිණෙන වාහන බත්තරමුල්ල මාර්ගයට පැමිණ අවශ්‍ය මාර්ගය ඔස්සේ ගමන් කිරීමට හැකියාව ඇත.

බස් රථ හා ට්‍රක් රථ ගාල්කිරීම –

ජපන් මිත්‍රත්ව පාර හන්දියේ සිට කිඹුලාවල හන්දිය දක්වා.
ජපන් මිත්‍රත්ව පාර විදුලිබල මණ්ඩලය අසල සිට පැලවත්ත හන්දිය දක්වා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06