කාලය වේගයෙන් ගෙවී යනවා – ට්‍රම්ප්ගෙන් ඉරානයට යළිත් අනතුරු ඇඟවීමක්

කාලය වේගයෙන් ගෙවී යමින් ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට යළිත් අනතුරු අඟවා තිබෙනවා.

සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලයේ පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, ඉරානය වහාම ක්‍රියාත්මක විය යුතු බවයි.

එසේ නොවුණහොත් ඉරානයේ කිසිවක් ඉතිරි නොවනු ඇති බවත්, කාලය අතිශයින්ම වැදගත් බවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම
ටෘත් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මැද පෙරදිග කලාපයේ සිතියමක් මත ඇමරිකානු ධජය විහිදුවා ඇති ආකාරය දැක්වෙන සංස්කරණය කළ ඡායාරූපයක් ද සිය ටෘත් ගිණුමට එක් කර ඇති ආකාරය දැකගත හැකියි.

එමෙන්ම ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර පැය භාගයක පමණ දුරකථන සාකච්ඡාවක් ඊයේ (17) පැවැත්වූණු බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර යුද්ධය අවසන් කිරීම සඳහා වන ඉරාන – ඇමරිකා සාම සාකච්ඡා තවමත් ඇණහිට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39