ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයන් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ලංකා පොස්පේට් සමාගම, කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පැවරීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (18) නිකුත් කර තිබෙනවා.
ලංකා පොස්පේට් සමාගම මීට පෙර පැවතියේ විමල් වීරවංශ අමාත්‍ය ධුරය දරණ කර්මාන්ත අමාත්‍යාංශය යටතේයි.
