වනවාසල දී රේල් පාරේ කොටස් ගැලවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

වනවාසල සහ කැළණිය අතර දුම්රිය මාර්ගයේ කොටස් ගැලවූ සැකකරු සහ එම කොටස මිලදී ගත් සැකකරු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝහ කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අද (17) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

දුම්රිය මාර්ගයේ කොටස් ගැලවූ සැකකරු වනවාසල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් දුම්රිය මාර්ගයේ කොටස් ගැලවීම හේතුවෙන් ඊයේ (16) උදෑසන වනවාසල දුම්රිය ස්ථානයට ආසන්නයේ දී දුම්රියක් පීලිපැන පෙරලීයාමෙන් අනතුරක් සිදු වුණා.

දුම්රිය මාර්ග දෙකක් අතර දුම්රිය මාරු කිරීමට ඇති පයින්ටුවේ යකඩ බාර් ගැලවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !