තායිලන්තයේ අගනුවර වන බැංකොක් නුවර දී අද (16) පස්වරුවේ, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ පොදු බස් රථයක් ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයන් 25 දෙනෙක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
බැංකොක් නගර මධ්‍යයේ ගුවන් තොටුපළ දුම්රිය සම්බන්ධතා ස්ථානයක් අසලදී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බස් රථය සහ ඒ අසල වාහන ගිනිගැනීමටද ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













