‘මේක් ඉන් ඉන්ඩියා’ (Make-in-India) සංකල්පය යටතේ ඉන්දියාවේ සැලසුම් කරන ලද නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමේ සුවිශේෂී පියවරක් තබමින්, ඉන්දියාවේ ප්‍රථම කෘතිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන ප්‍රහාරක යානය වන ‘කාල් භෛරව්’ (Kaal Bhairava) මින් ඉදිරියට යුරෝපයේ නිෂ්පාදනය කිරීමට නියමිතයි.
ඉන්දියාවේ කෘතිම බුද්ධි යුධ තාක්ෂණ සමාගමක් වන FWDA (Flying Wedge Defence & Aerospace) ආයතනය ප්‍රකාශ කළේ, මෙම සුවිශේෂී ප්‍රහාරක යානය පෘතුගාලයේදී නිෂ්පාදනය කිරීම සඳහා යුරෝපීය සමාගමක් වන SKETCHPIXEL සමඟ ගිවිසුමකට එළඹ ඇති බවයි.
SKETCHPIXEL යනු F-16 වැනි ලොව සුප්‍රකට ප්‍රහාරක ජෙට් යානා සඳහා උසස් සිමියුලේටර් (Simulation) පද්ධති නිර්මාණය කරන ප්‍රමුඛ පෙළේ සමාගමක්.
කෙසේ වෙතත්, මෙම යානයේ මූලික ස්වයංක්‍රීය පද්ධති සහ බාහිර සැකිල්ලේ (Airframe) බුද්ධිමය දේපළ අයිතිය (Intellectual Property Rights) දිගටම ඉන්දීය FWDA සමාගම සතු වනවා.
‘කාල් භෛරව්’ යනු මධ්‍යම උන්නතාංශයක දිගු වේලාවක් පියාසර කළ හැකි (MALE) ස්වයංක්‍රීය ප්‍රහාරක යානයක්.
මෙයට කිලෝමීටර් 3,000ක දුරක් ආවරණය කිරීමේ හැකියාව පවතින අතර, එක දිගට පැය 30කට වඩා වැඩි කාලයක් ගුවනේ රැඳී සිටිමින් මෙහෙයුම් දියත් කළ හැකියි.
තවද, කෘතිම බුද්ධිය මඟින් ඉලක්ක හඳුනාගැනීම, රංචු වශයෙන් සම්බන්ධීකරණය වෙමින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව (Swarm capabilities) සහ සන්නිවේදන දත්ත සංකේතනය කිරීමේ (Encrypted communication) ඉහළ තාක්ෂණික පද්ධතිවලින් මෙය සමන්විත වනවා.
මෙම ව්‍යාපෘතියේ මූලික අදියර පෘතුගාලය සහ නේටෝ සාමාජික රටවල අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය ඉන්දීය ආරක්ෂක තාක්ෂණ ක්ෂේත්‍රයේ නව පිම්මක් ලෙස ආරක්ෂක විශ්ලේෂකයන් හඳුන්වනවා.













